Past event

තුන්සර සිසිලස

Date
22 August 2026
Venue
Musaeus College Auditorium, Colombo

About this event

🎶 “තුන්සර සිසිලස” – සිත නිවන මනෝහර ආමන්ත්‍රණයක්…🎙️

දශක ගණනාවක සම්භාව්‍ය ස්වරාභිෂේකය සනිටුහන් කරන ප්‍රවීණ සංගීතවේදී ජගත් වික්‍රමසිංහයන්ගේ හෘදයාංගම හඬින්ද, නූතන සුභාවිත ගීත කලාවේ කෝකිලාවිය ශශිකා නිසංසලාගේ මියුරු ස්වරයෙන්ද, තාරුණ්‍යයේ ආකර්ෂණීයම සහ සංවේදීම හඬ මිහිඳු ආරියරත්නගේ භාවපූර්ණ ගායනයෙන්ද හැඩව…🎼

ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රීමාල්ගේ මනෝහර කථනයෙන් සහ තනු නිර්මාණවේදී සචී මධුරංග ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සජීවී නවතම නාද රටාවන්ගෙන් ඔපවත් වී දිගහැරෙන..🎼🎶

මීදුමෙන් බර වූ සංසුන් විල් තෙරෙක සුවය ගත සිතට රැගෙන එන, නොමියෙන මතකයන් අවදි කරන මනරම් සංගීතමය සන්ධ්‍යාවක් සජීවීව විඳගන්නට එක්වන්න…🌅

අගෝස්තු 22 වනදා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයට…

🎵 Musical Direction by Sachi Maduranga
🎤 Host: Kelum Srimal

🗓️ Date: 22nd of August, 2026
🏟️ Venue: Musaeus College Auditorium, Colombo
🕖 Time: 6.30 PM onwards

🏛️ මහින්ද සමාජයේ තවත් සම්භාව්‍ය ක්‍රියාන්විතයකි!

Event photos